රුසියානු ගුවන් ප්‍රහාරයකින් ළමුන් තිදෙනෙකු ඇතුළු 22ක් ජීවිතක්ෂයට

රුසියානු ගුවන් ප්‍රහාරයකින් ළමුන් තිදෙනෙකු ඇතුළු 22ක් ජීවිතක්ෂයට

රුසියානු ගුවන් ප්‍රහාරයකින් යුක්‍රේනයේ සුමි නගරයේදී ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සුමි ප්‍රාදේශීය ආණ්ඩුකාර Dmytro Zhyvytskyi පවසන්නේ රුසියාව නගරයේ ඊසාන දෙසින් පිහිටි නේවාසික ප්‍රදේශයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවයි

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ එක් නිවසක පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණ බවත්, නිවාස හයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්ය

එමෙන්ම තවත් නිවාස 20ක් පමණ අර්ධ වශයෙන් විනාශ වී ඇති බවත් ඔහු පවසා සිටිනවා

Share This