කියෙව් අගනුවර රැකගන්න යුක්රේනයෙන් දැඩි ප්‍රතිප්‍රහාර
කියෙව් අගනුවර ආරක්ෂා කිරීම සඳහා යුක්රේන හමුදාව රුසියානු හමුදාවන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර දියත් කළ බව යුක්රේනයේ මහජන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ උපදේශකයෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
ඒ අනුව කියෙව් අගනුවර දෙසට රුසියාවේ ඉදිරි ගමන සීමා වී ඇති බවයි සඳහන් වන්නේ
නැගෙනහිර යුක්රේනයේ ආරක්ෂක හමුදා ඩොනෙට්ස්ක්, ස්ලෝබොෂාන්ස්කි සහ ටව්රියා මෙහෙයුම් දිස්ත්‍රික්කවල රුසියානු ප්‍රහාර වැලැක්වීම දිගටම කරගෙන යන බවද සඳහන්
එමෙන්ම දකුණේ, මරියුපොල් වරාය නගරයේ ආරක්ෂාව දිගටම පවතින බවත් යුක්රේන හමුදා පවසනවා