යුක්‍රේනයේ මාතෘ හා ළමා රෝහලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් දරුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

යුක්‍රේනයේ මාතෘ හා ළමා රෝහලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් දරුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

යුක්‍රේනයේ Mariupol නගරයේ මාතෘ හා ළමා රෝහලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක් දරුවෙකු ඇතුළු තිදෙනෙකු මිය ගිය බව දකුණු යුක්‍රේනයේ මරියුපෝල් නගරයේ නියෝජ්‍ය නගරාධිපති බීබීසී පුවත් සේවයට සඳහන් කර තිබෙනවා

අවම වශයෙන්  17ක් තුවාල ලබා ඇති බවත් ඔවුන්ගෙන් සමහරක් ගර්භණී කාන්තාවන් ද වන බවයි පැවසෙන්නේ.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා තිබූ ඇඳන් 300කින් යුත් රෝහලක් කාලතුවක්කු ප්‍රහාරවලින් විනාශ වී ඇති අතර Mariupol නගරයේ රුධිර එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ද විනාශ වී ඇති බවද සඳහන්.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ආක්‍රමණය ආරම්භ වූ දා සිට යුක්‍රේනයේ සෞඛ්‍ය පහසුකම් ඇති ස්ථානවලට   අවම වශයෙන් ප්‍රහාර 18ක් වත් සිදුවී ඇති බවට තහවුරු වී ඇති බවයි.

එමෙන්ම යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky රුසියාව යුද අපරාධයක් සිදු කළ බවට චෝදනා කරනවා

Share This