රියදුරන්ට පණිවිඩයක්
මේ වසරේ ගතවූ දින 80ක කාලසීමාව තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 501 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා
එසේම එක් දිනයක් තුළ මෙරට රිය අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත අටක් නවයක් අතර සංඛ්‍යාවක් රටට අහිමි වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා
මාරක රිය අනතුරු අවම කර ගැනීම සඳහා රියැදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව රිය ධාවනය කළ යුතු බවද පසුගිය කාලසීමාව පුරා මාරක රිය අනතුරුවල විශාල වැඩිවීමක් පෙන්නුම් කෙරුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා