අධිවේගී මාර්ගයේ ‘ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය කළ’ මගී ප්‍රවාහන බස්රථයක් !
අධිවේගී මාර්ගයේ කෙරවළපිටිය ප්‍රදේශයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය කළ මගී ප්‍රවාහන බස්රථයක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
අලුතින් ඉදිකළ කෙරවළපිටිය කොටසෙහි මෙතෙක් සී.සී.ටී.වී. කැමරා සවිකර නොතිබීම හේතුවෙන් ඒ පිළිබඳ සිද්ධිය සිදු වූ දින වාර්තා වී නොමැති අතර දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පළවීමත් සමඟ මීට අදාළ විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.
කෙරවළපිටිය පිවිසුමෙන් අධිවේගී මාර්ගයට දැමූ මෙම බස්රථය සීදුව දෙසට ධාවනය කිරීමට නියමිත වුවද වැරදීමෙන් පෑලියගොඩ දෙසට දමා ඇති බවටයි සැකකරනුයේ .
කෙසේ වෙතත් එකී රියැදුරාට පසුව සිදුවූ දෙය පසක් වී නැවත රථය පසුපසට ධාවනය කොට හරිමඟට දමාගෙන ගොස් ඇතැයිද සැක කෙරෙනවා.
මෙය අපරික්ෂාකාරී ධාවනයක් වන බැවින් මීට අදාළ වීඩියෝ දර්ශන ලබාගෙන විමර්ශන ආරම්භ කර තිබෙනවා.