Adrian ගේ දෛවයට සරදම් කළ ගුවන් කාර්ය මණ්ඩලය

Adrian ගේ දෛවයට සරදම් කළ ගුවන් කාර්ය මණ්ඩලය

ගුවන් යානයෙන් බැසීමට කිසිවෙකු සහය නොවූ නිසා ගුවන් යානයේ ලෝහ පඩිපෙළ දිගේ බඩගා පහළට පැමිණීමට රෝද පුටුවක් භාවිතා කරන්නෙකුට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අයර්ලන්තයේ වික්ලෝ සිට, සෙනසුරාදා ස්වීඩනයේ ලෑන්ඩ්වෙටර් ගුවන් තොටුපළට ගුවන් යානය ගොඩබෑමෙන් පසුව ගුවන් යානයෙන් බැසීමට ඔහුට සහය වීමට පැයක් පමණ ගතවන බව ගුවන් යානා සේවක මණ්ඩලය Adrian Keogh හට පවසා තිබෙනවා.

ඔහුට සහය වනවා වෙනුවට රයන් එයාර් ගුවන් යානයේ මැදිරි කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පඩිපෙළෙන් බඩගා යා හැකි බව පවසා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ Adrian Keogh මහතාගෙන් සමාව ඉල්ලා ඇති අතර මේ ගැන සොයා බලන බව රයන් එයාර් සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

කොඳු ඇට පෙළේ ආබාධයකට ලක්ව සිටින Adrian Keogh පැවසුවේ ගුවන් ගමන අවසානයේදී වේදනාවෙන් සිටි අතර ගුවන් යානයෙන් බැසීමට උදව් සඳහා පැයක් බලා සිටීමට තමාට නොහැකි වූ බවයි.

රෝද පුටු භාවිතා කරන්නෙකු ලෙස බොහෝ ගුවන් ගමන්වලදී ඔහු කලකිරීමට පත්වන අතර සියලු දෙනාම බැස ගිය පසු ගුවන් යානයක සිර වූ පළමු අවස්ථාව මෙය නොවන බවයි Keogh මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Share This