Afrobeats ඉතිහාසය වෙනස් කරන Remaගේ ”Calm Down”

Afrobeats ඉතිහාසය වෙනස් කරන Remaගේ ”Calm Down”

නයිජීරියානු සුප්‍රසිද්ධ ගායකයෙක් වන Remaගේ “Calm Down” ගීතය අප්‍රිකාවේ Afrobeats සංගීත ඉතිහාසය වෙනස් කරමින් සිටිනවා.

24 හැවිරිදි නයිජීරියානු ගායකයා විසින් ගායනා කරන ලද මෙම ගීතය වර්තමානයේ එක්සත් ජනපදයේ වැඩිපුරම වාදනය (Steam) කරන ලද Afrobeats ගීතය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එය අමෙරිකාවේ බිලියනයකට වඩා නැරඹුම් වාර ප්‍රමාණයක් ලබාගත් පළමු Afrobeats ගීතය බවට පත්ව ඇති බව සංගීත නිරීක්ෂණ වේදිකාවක් වන Chart Data විසින් නිවේදනය කර තිබෙනවා.

මෙම ගීතය 2022 පෙබරවාරි මස නිකුත් කරන ලද්දේ Remaගේ පළමු ඇල්බමය වන රේව් ඇන්ඩ් රෝසස් ඔස්සේයි.

Spotify ඔන්ලයින් සංගීත වේදිකාවේ බිලියන ගණනක වාදනය වී තිබෙනවා.

මෙම ගීතය මාස කිහිපයකට පසුව රීමික්ස් ගීතයක් ආකාරයෙන් අමෙරිකානු ගායන ශිල්පිනී සෙලීනා ගෝමස් සමග යුගල ගීතයක් සේ Rema ගායනා කළා.

එය Billboard Hot 100 හි වසරක් එක දිගට වාදනය වූ පළමු අප්‍රිකානු ගීතය බවට පත් වී ඇති අතර මේ වනවිට එම ගීතය එහි අංක තුනට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This