Amazon සේවකයින් 9000 ක් ඉවතට

Amazon සේවකයින් 9000 ක් ඉවතට

ඉදිරි සති කිහිපය තුළ Amazon සමාගමේ සේවකයින් 9000 ක් සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

එම සමාගමේ Cloud, වෙළඳ ප්‍රචාරණ සහ Twitch අංශවල සේවකයින් මෙලෙස ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය වසර කිහිපය තුළ සමාගම සැලකිය යුතු කාර්ය මණ්ඩලයක් එකතු කර ඇති නමුත් අවිනිශ්චිත ආර්ථිකය සැළකිල්ලට ගනිමින් එම සේවක කප්පාදුව සිදු කරන බව Amazon සමාගමේ ප්‍රධාන විධායක Andy Jassy ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සේවක කප්පාදුවට අමතරව මෙම වසර අවසානයේ දී තවත් සේවකයින් ඉවත් කිරීමට ද පියවර ගන්නා බවයි Amazon සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ.

Meta සමාගම ද පසුගියදා සේවකයින් 10,000 ක් සේවයෙන් ඉවත් කරනු ලැබුවා.

Share This