Aukus ගිවිසුමට රටවල් තුනක සහයෝගය (VIDEO )

Aukus ගිවිසුමට රටවල් තුනක සහයෝගය (VIDEO )

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ බලපෑමට විරෝධය දැක්වීමේ අරමුණින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන නව සබ්මැරීන සමූහයක් නිර්මාණය කිරීමේ ඔවුන්ගේ සැලැස්ම පිළිබඳ තොරතුරු හෙළි කර තිබෙනවා.

Aukus ගිවිසුම යටතේ ඕස්ට්‍රේලියාව සිය පළමු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන කෙරෙහි අවධානය යොමු කරනු ඇති

මෙම ගිවිසුම කලාපයේ සාමය තහවුරු කිරීම අරමුණු කරගත් බවත් සබ්මැරීන න්‍යෂ්ටික බලයෙන් මිස න්‍යෂ්ටික අවිවලින් සමන්විත නොවන බවත්
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කරනවා

කැලිෆෝනියාවේ සැන් ඩියාගෝහිදී එක්සත් රාජධානියේ සහ ඕස්ට්‍රේලියානු අගමැතිවරුන් සමග කතා කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ මෙම ගණුදෙනුව න්‍යෂ්ටිකත්වයෙන් තොර රටක් වීමට ඕස්ට්‍රේලියාවේ කැපවීම ඉතා ඉහළ බවයි.

ගිවිසුමට අනුව, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු නාවික හමුදා නාවිකයින් මේ වසරේ සිට එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ සබ්මැරීන කඳවුරු වෙත යවනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම එක්සත් රාජධානියේ සහ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවන් සඳහා සම්පූර්ණයෙන්ම නව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් සැලසුම් කිරීම සහ ගොඩනැගීමද මෙම සැළස්මේම තවත් පියවරක් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

2021 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද Aukus ආරක්ෂක සන්ධානය චීනයෙන් නැවත නැවතත් විවේචනයට ලක්ව ඇති අතර බීජිං විදේශ අමාත්‍යාංශය ගිවිසුම අවි තරගයක් නිර්මාණය කිරීමේ අවදානමක් ඇති බව පවසමින් සිය ස්ථාවරය නැවත අවධාරණය කර තිබෙනවා

එහෙත් බටහිර රටවල් තුන පවසන්නේ ආරක්ෂක ගිවිසුම ඉන්දු පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය ඉහළ නැංවීමේ අරමුණින් යොදා ගන්නා බවයි .

Share This