“Bakhmut නගරය” වෙනුවෙන් යුක්‍රේනයත් රුසියාවත් සටන් කරන්නේ ඇයි ?

“Bakhmut නගරය” වෙනුවෙන් යුක්‍රේනයත් රුසියාවත් සටන් කරන්නේ ඇයි ?

මාස හතකට වැඩි කාලයක් පුරා, නැගෙනහිර යුක්‍රේනයේ Bakhmut නගරයට රුසියානු හමුදා විසින් පහර දී තිබෙනවා

එහි නියෝජ්‍ය නගරාධිපති ඔලෙක්සැන්ඩර් මාර්චෙන්කෝ පවසන්නේ ජලය, ගෑස් හෝ බලය නොමැතිව භූගත නවාතැන්වල ජීවත්වන සිවිල් වැසියන් බොහෝ පිරිසක් සිටින බවයි

Bakhmut නගරය බොහෝ දුරට විනාශ වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා

යුක්‍රේනය Bakhmut නගරය ආරක්ෂා කිරීමට උත්සාහ කරනවිට රුසියාව එය අත්පත් කර ගැනීමට දරුණු ලෙස සටන් කිරීම පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා

මෙම යුද ගැටුමේදී අන් කිසිම නගරයකට වඩා දිගු කාලයක් මෙම නගරයට පහර දීමට සහ එය ආරක්ෂා කිරීමට දෙපාර්ශ්වයම සෙබළුන්ගේ ජීවිත අහිමි කරගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

හමුදා විශ්ලේෂකයින් පවසන්නේ Bakhmut කුඩා උපායමාර්ගික වටිනාකමක් ඇති නගරයක් බවයි.

ආක්‍රමණයට පෙර එහි මිනිසුන් 70,000ක් පමණ ජීවත් වූ අතර නගරය වඩාත් ප්‍රසිද්ධ වූයේ ලුණු සහ ජිප්සම් පතල් සහ විශාල වයින් සඳහායි

කෙසේවෙතත් රුසියාව Bakhmut නගරය අල්ලා ගැනීම සඳහා යෙදවූ හමුදා සාමාජිකයින් 20,000 ත් 30,000 ත් අතර ප්‍රමාණයක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

Share This