Benadryl ටික්ටොක් අභියෝගයකට සහභාගී වූ දරුවෙකු මිය යයි

Benadryl ටික්ටොක් අභියෝගයකට සහභාගී වූ දරුවෙකු මිය යයි

එක්සත් ජනපදයේ ඔහියෝහි 13 හැවිරිදි පිරිමි ළමයෙකු TikTok අභියෝගයක් උත්සාහ කිරීමේදී මියගොස් තිබෙනවා.

සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok හි ‘Benadryl Challenge’ හි කොටසක් ලෙස බෙනඩ්‍රිල් නම් පෙති 12 සිට 14 දක්වා පානය කිරීමෙන් පසු 13 හැවිරිදි ජේකබ් ස්ටීවන්ස් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Benadryl අධික ලෙස පානය කිරීම “බරපතල හෘදයාබාධ, වලිප්පුව, කෝමා හෝ මරණයට පවා හේතු විය හැකි බව එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය 2020 දී මහා ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

TikTok හි මෙම මාරාන්තික “Benadryl අභියෝගය පිළිබඳව විටින් විට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය මහජනතාවට අනතුරු ඇඟවීම් සිදු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් TikTok සමාගම කණගාටු වන බව පවසා තිබෙනවා.

ප්‍රජාවේ ආරක්ෂාව ප්‍රමුඛතාවයක් ලෙස සලකමින් භයානක හැසිරීම් ප්‍රවර්ධනය කරන අන්තර්ගතයන් දැඩි ලෙස තහනම් කර ඉවත් කිරීමට කටයුතු කරන බවයි Tiktok සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

බෙනඩ්‍රිල් නිෂ්පාදක ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම මෙම Tiktok අභියෝගය ඉතා භයානක එකක් බව පවසා තිබෙනවා.

“ඩයිෆෙන්හයිඩ්‍රමයින් අධික ප්‍රමාණවලින් ශරීරගත කරවීම සම්බන්ධ අභියෝගය භයානක වන අතර එය වහාම නැවැත්විය යුතු බවත් BENADRYL නිෂ්පාදන සහ අනෙකුත් ඩයිෆෙන්හයිඩ්‍රමයින් නිෂ්පාදන භාවිතා කළ යුත්තේ ලේබලය මඟින් උපදෙස් ලබා දී ඇති පරිදි පමණක් බවයි BENADRYL නිෂ්පාදක සමාගම සඳහන් කරන්නේ.

Share This