Biparjoy සුළි කුණාටුවට මුහුණ දෙන්න ඉන්දියාව සහ පකිස්ථානය 170,000 කට වැඩි පිරිසක් ඉවත් කරයි

Biparjoy සුළි කුණාටුවට මුහුණ දෙන්න ඉන්දියාව සහ පකිස්ථානය 170,000 කට වැඩි පිරිසක් ඉවත් කරයි

Biparjoy දරුණු සුළි කුණාටුව ගොඩබිමට පැමිණීමට පෙර වයඹදිග ඉන්දියාවේ සහ දකුණු පකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට අද (15) තද සුළං සහ තද වැසි ඇද හැලෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ හේතුවෙන් එම ප්‍රදේශවලින් මේ වන විට 170,000 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බව සඳහන්

සුළි කුණාටුව ගුජරාටයේ මැන්ද්වි සහ පකිස්ථානයේ සින්ද් (Sindh) පළාතේ කේටි බන්ඩාර් (Keti Bandar) සහ ජාකාවු වරායට (Jakhau port) ආශ්‍රිත ප්‍රදේශවලට දැඩිව බලපෑම් එල්ල කරනු ඇති බවයි එරට කාලගුණ විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ

ගුජරාටයේ සහන මෙහෙයුම් භාර නිලධාරි ආලෝක් පාණ්ඩේ අද (15) ප්‍රකාශ කළේ සුළඟේ වේගය තවදුරටත් පැයට කිලෝමීටර 110-125 අතර මට්ටමක පවතින බවයි

මේ වන විට පාකිස්තානයේ, ගිනිකොනදිග වෙරළ තීරයෙන් පුද්ගලයින් 81,000 ක් ඉවත් කර ඇති අතර පාසල්වල සහන කඳවුරු 75 ක් පිහිටුවා ඇති බව සඳහන්

එමෙන්ම ගුජරාට් ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ මේ වන විට වෙරළබඩ ප්‍රදේශවලින් පුද්ගලයින් 94,000 ක් ඉවත් කර ඇති බවයි.

Share This