Black Pink විසුරුවා හරියි?

Black Pink විසුරුවා හරියි?

K-pop සංගීත කණ්ඩායම වන Blackpink නව කණ්ඩායම් කොන්ත්‍රාත්තුවක් පිළිබඳ සාකච්ඡා කිරීමේ අවසන් අදියරේ සිටින බව Yonhap පුවත්පත වාර්තා කරනවා .

නමුත් නිර්ණාමික මූලාශ්‍ර උපුටා දක්වමින් Yonhap පවසන්නේ Blackpink සාමාජිකයන්ගේ පුද්ගලික කළමනාකරණ කොන්ත්‍රාත්තු අලුත් කිරීම තරමක් අපැහැදිලි බවයි.

YG Entertainment සමග Blackpinkගේ කොන්ත්‍රාත්තුව අගෝස්තු මාසයේදී කල් ඉකුත් වූ දා සිට රසිකයින් ඔවුන්ගේ මීළග පියවර කුමක්දැයි දැනගැනීමට නොඉවසිල්ලෙන් පසුවනවා.

Blackpink සාමාජිකයින් හතරදෙනා Jisoo, Lisa, Jennie සහ Rosé ඔවුන්ගේ ගිවිසුම්වල තත්ත්වය පිළිබඳව නිහඬව සිටින බවයි වාර්තා වන්නේ.

කොන්ත්‍රාත් සාකච්ඡා සම්බන්ධයෙන් කොරියානු මාධ්‍යවල විවිධ වූ පුවත් සති ගණනාවක් තිස්සේ පළවන මේ නිසා Black Pink කණ්ඩායම වෙන්විය හැකි බවට රසිකයන් කනස්සල්ලට පත්වී සිටිනවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ පෞද්ගලික කොන්ත්‍රාත්තු කුමක් වුවත් සිව් දෙනාට Blackpink ලෙස එක්වීමේ හැකියාවද පවතින බවත් සමහර කොරියානු මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ලොව වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති කාන්තා K – Pop කණ්ඩායමක් වන Black Pink කණ්ඩායමේ අනාගතය කුමක්දැයි දැනගැනීමට රසිකයන් නොඉවසිල්ලෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This