BRI සමුළුවට පැමිණි පුටින්ට සංචාරය කිරීමට තවත් රටවල් දෙකකින් ආරාධනා

BRI සමුළුවට පැමිණි පුටින්ට සංචාරය කිරීමට තවත් රටවල් දෙකකින් ආරාධනා

BRI සමුළුවට සමගාමීව තම රටවලට පැමිණෙන ලෙස තායිලන්තයේ සහ වියට්නාමයේ නායකයින් කළ ආරාධනා රුසියානු ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වියට්නාමය සෝවියට් සංගමය පැවති කාලයේ සිටම රුසියාව සමග සෞම්‍ය සබඳතා පවත්වා ගොස් ඇති අතර වියට්නාම ජනාධිපති Vo Van Thuong පැවසුවේ රුසියානු ජනපති පුටින් තම ආරාධනය සතුටෙන් පිළිගත් බවත් ඉක්මනින් එරටට පැමිණෙන බවත්ය.

ජනාධිපති පුටින් Phuket ප්‍රදේශයට කැමතියි, ඔහු නිතර සංචාරය කරන බව මට තේරෙනවා,ඒ නිසා ඔහු තායිලන්තයට පැමිණීමට කළ ආරාධනය පිළිගත් බවයි තායි අගමැතිනි Srettha Thavisin පවසන්නේ

එම සංචාරයන් දෙකටම දින නියම කර නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් පුටින්ට ගමන් කළ හැකි ස්ථාන ඉතා සීමිත ප්‍රමාණයක් වී තිබෙනවා

යුක්‍රේන දරුවන් දහස් ගණනක් රුසියාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මේ වසර මුලදී පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

Share This