තවත් අවදානම් ප්‍රදේශ හුදෙකලා කිරීම සඳහා ඉල්ලයි(VIDEO)
අවදානම් ප්‍රදේශ හුදෙකලා කිරීම සඳහා කොවිඩ් 19 කාර්ය සාධක බළකායෙන් අවසර ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ගෙවීගිය පැය 24තුළ හමුවූ රෝගීන් ප්‍රමාණයත් සමග රට කණගාටුදායක තැනකට තල්ලු වෙමින් ඇති බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල ජනතාව නොසැලකිලිමත්ව කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.