Cash App නිර්මාතෘ Bob Lee පිහි ඇනුමකින් මියයයි

Cash App නිර්මාතෘ Bob Lee පිහි ඇනුමකින් මියයයි

ඩොලර් බිලියන ගණනක ආදායම් ඇති තාක්ෂණික සමාගමක් වන Cash App හි නිර්මාතෘ Bob Lee සැන් ෆ්රැන්සිස්කෝ නගර මධ්‍යයේදී පිහි ඇනුමකින් මියගොස් තිබෙනවා.

43 හැවිරිදි Bob Lee පිහි ඇනුමෙන් තුවාල ලබා සිටියදි පොලිසිය විසින් සොයාගත් අතර ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෑතකදී සිට සිදුවන ප්‍රචණ්ඩකාරී අපරාධ රැල්ල නිසා සැන් ෆ්‍රැන්සිස්කෝ ආරක්ෂක නිලධාරීන් විවේචනයට ලක්වෙමින් සිටින අතර නවතම අපරාධ දත්ත පෙන්නුම් කරන්නේ සැන් ෆ්රැන්සිස්කෝ නගරය එක්සත් ජනපදයේ වඩාත්ම භයානක අපරාධ සිදුවන නගරය බවයි.

 

Share This