Celine Dion සියලු ප්‍රසංග අවලංගු කරයි

Celine Dion සියලු ප්‍රසංග අවලංගු කරයි

ලෝක ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක වන Celine Dion ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම ප්‍රසංග අවලංගු කර තිබෙනවා.

ඇය දුර්ලභ ස්නායු ආබාධයකින් පෙළෙන අතර දුර්වල සෞඛ්‍ය තත්ත්වය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙලෙස සියලු ප්‍රසංග අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

55 හැවිරිදි වියේ පසුවන Celine Dion සිය Instagram ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ප්‍රසංග අවලංගු කිරීමෙන් රසිකයන් අපහසුතාවයට පත්වීම සම්බන්ධයෙන් කණගාටු වන බවයි ඇය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව Celine Dion විසින් 2023 සහ 2024 වර්ෂ සඳහා නියමිත සියලු සංදර්ශන හා සංචාර අවලංගු කර තිබෙනවා.

Share This