Changi ගුවන් තොටුපළේ මගී තදබදයක්

Changi ගුවන් තොටුපළේ මගී තදබදයක්

සිංගප්පූරුවේ Changi ගුවන් තොටුපළේ මගී නිෂ්කාශන කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා.

එහි ආගමන පද්ධතියේ හටගත් බිඳ වැටීමක් හේතුවෙන් එම තත්ත්වය උද්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Changi ගුවන් තොටුපලෙහි විශාල මගී තදබදයක් හටගෙන ඇති අතර පද්ධතියේ හටගත් දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව බලධාරීන් සඳහන් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය නොවන සියලුම ගුවන් ගමන් කල්දමන ලෙස ද Changi ගුවන් තොටුපළ බලධාරීන් විසින් සංචාරකයින්ට උපදෙස් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This