Claudine Gay හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Claudine Gay හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සභාපතිනිය Claudine Gay විශ්ව විද්‍යාලයේ යුදෙව් විරෝධී ක්‍රියාවන් පිළිබඳ ඇය කළ ප්‍රකාශය හේතුවෙන් චෝදනා සහ විවේචනවලට මුහුණ දීමෙන් පසු ඉල්ලා අස්වී තිබෙනවා

Claudine Gay ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ලිපියක් යවමින් ඇය සඳහන් කර ඇත්තේ තමා ඉන් ඉවත්ව යන බවත් එය වඩාත් යහපත් වනු ඇති බව විශ්වාස කරන බවයි

තමා පෞද්ගලික තර්ජන සහ වාර්ගික වෛරයට ලක් වූ බවද ඇය සඳහන් කරනවා

53 හැවිරිදි ඇය මාස හයක් එම ධුරයේ ලෙස සේවය කළ අතර අයිවි ලීග් විශ්ව විද්‍යාලයේ නායකත්වයට පත් වූ පළමු කළු ජාතිකයා සහ දෙවන කාන්තාවද වනවා

හාවර්ඩ් යනු ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායල-හමාස් යුද්ධය පුපුරා යාමෙන් පසු එහි යුදෙව් සිසුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බවට චෝදනා එල්ල වූ එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල කිහිපයෙන් එකක් .

ගැටුම ආරම්භ වූ දා සිට එක්සත් ජනපදයේ යුදෙව් විරෝධී සිදුවීම්වල භයානක වැඩිවීමක් යුදෙව් කණ්ඩායම් වාර්තා කර ඇති බවද සඳහන් .

Share This