Clean Sri Lanka වැඩසටහන ඇරඹෙයි
සියලු පුරවැසියන් තමන්ට පැවරී ඇති වගකීම වෙනුවෙන් වගවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ආරම්භ කෙරුණු Clean Sri Lanka වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළා.
2025 වසර සඳහා රජයේ ආයතනවල රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදුවුයේ ද මෙම වැඩසටහනට සමගාමීවයි.
ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති කාර්ය සාධක බළකාය එක්ව Clean Sri Lanka වැඩසටහන සංවිධානය කර තිබෙනවා.