Colombo Strikers කණ්ඩායමට ලකුණු 02 ක ජයක්

Colombo Strikers කණ්ඩායමට ලකුණු 02 ක ජයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවැත්වෙන හත්වන තරගය ලකුණු 02කින් ජය ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා

පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 199ක් ලබා ගත්තා

එහිදී Glenn Phillips පන්දු 43කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 70ක්

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 03ක්, Shoriful Islam සහ වනිදු හසරංග කඩුලු 02 බැගින් දවා ගත්තා

අනතුරුව ලකුණු 200ක් අභියෝගාත්මක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Kandy Falcons කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 197ක් පමණයි

තරගයේ ලකුණු සටහන පහතින්

Share This