Colombo Strikers කණ්ඩායමට ලකුණු 139ක ඉලක්කයක්

Colombo Strikers කණ්ඩායමට ලකුණු 139ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැත්වෙන 19 වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Marvels කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලකුණු 138ක් ලබා ගත්තා

ඒ අනුව Colombo Strikers කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 139ක ඉලක්කයක් හිමි වනවා

එහිදී Galle Marvels වෙනුවෙන් Tim Seifert ලකුණු 44ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 35ක් රැස් කළා

පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුණා

Shadab Khan සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 02 බැගින් දවා ගත්තා

Share This