Colombo Strikers කණ්ඩායමට ලකුණු 180ක ඉලක්කයක්

Colombo Strikers කණ්ඩායමට ලකුණු 180ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Colombo Strikers කණ්ඩායමට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 179ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ඉසුරු උදාන ලකුණු 52ක් සහ නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 50ක් රැස් කළා.

පන්දු යැවීමේදී Glenn Phillips කඩුලු 4ක් සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

මේ අනුව ජයග්‍රහණය සඳහා Colombo Strikers කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 180ක්.

Share This