Colorado කඳුකරයට මුදා හරින වෘකයන් (VIDEO)

Colorado කඳුකරයට මුදා හරින වෘකයන් (VIDEO)

අළු වෘකයින් පස් දෙනෙකු Colorado හි රොකී කඳුකරයට මුදා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ 2020 දී අළු වෘකයින් නැවත වනයට හඳුන්වා දීම පිළිබඳව තැබූ ඡන්දයකින් පසුවයි.

Colorado උද්‍යාන සහ වනජීවී සංවිධානය 2024 මාර්තු මැද වන විට වෘකයන් 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් ප්‍රදේශයට මුදා හැරීමට සැලසුම් කරමින් සිටිනවා.

පරිසර සංරක්‍ෂකයින් මෙම පියවර ගැන ප්‍රශංසා කර ඇතත්, ගොවිපළ හිමියන් සහ ග්‍රාමීය ප්‍රජාවන් මේ ක්‍රියාවට ප්‍රශංසා නොකරන අතර ඔවුන් පවසන්නේ වෘකයන් විසින් වන සතුන් සහ සුරතල් සතුන් අවදානමට ලක් කළ හැකි බවයි.

Share This