Covid -19 චීනයේ රසායනාගාරයකින් ව්‍යාප්ත වූ බවට සාක්ෂි නැහැ

Covid -19 චීනයේ රසායනාගාරයකින් ව්‍යාප්ත වූ බවට සාක්ෂි නැහැ

කොවිඩ්-19 චීන රසායනාගාරයකින් ව්‍යාප්ත වූ බවට සෘජු සාක්ෂි කිසිවක් එක්සත් ජනපද බුද්ධි අංශ විසින් සොයාගෙන නොමැති බව වර්ගීකරණය කළ වාර්තාවක සඳහන් කර තිබෙනවා.

එකසත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය (ODNI) පවසන්නේ වෛරසය තුළ ස්වාභාවික සහ රසායනාගාර සම්භවයක් යන දෙකම අඩංගු බවට පිළිගත හැකි අවස්ථා පවතින බවයි.

රසායනාගාරයක් තුළින් වෛරසය කාන්දු වූ බවට චීනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි වාර්තාවල සඳහන් වන්නේ.

ස්වාභාවික සහ විද්‍යාගාර උපකල්පන දෙකම සැලකිය යුතු උපකල්පන මත රඳා පවතින බැවින් හෝ පරස්පර වාර්තාකරණය සමඟ අභියෝගවලට මුහුණ දෙන බැවින් මධ්‍යම බුද්ධි ඒජන්සියට සහ වෙනත් ආයතනයකට තවමත් Covid-19 වසංගතයේ නිශ්චිත මූලාරම්භය නිශ්චය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බව ඒජන්සි හතරක් විශ්වාස කරන බව සොයාගැනීම්වලින් පෙන්වා දී තිබෙනවා.

එක්සත් ජනපදයේ බලශක්ති දෙපාර්තමේන්තුව සහ FBI ආයතන දෙක වෛරසය රසායනාගාරයකින් කාන්දු වූ බව තවමත් විශ්වාස කරනු ලබනවා.

Covid-19 ජීව විද්‍යාත්මකව නිපදවා නැති බව සියලුම එක්සත් ජනපද බුද්ධි අංශ එකඟ වන බව නව වාර්තාවල දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This