Disney තාරකාවියක් වූ Coco Lee මියයයි

Disney තාරකාවියක් වූ Coco Lee මියයයි

1990 සහ 2000 දශකවල ආසියාවේ Disney හා පොප් තාරකාවියක් වන Coco Lee මියගොස් තිබෙනවා.

ඇය මිය යන විට 48 වැනි වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

හොංකොං හි උපත ලද Coco Lee කුඩා කාලයේදීම එක්සත් ජනපදයට ගොස් මැන්ඩරින් සහ ඉංග්‍රීසි භාෂාවෙන් ගීත ඇල්බමයක් නිකුත් කර තිබෙනවා.

ඇය Disney’හි ජනප්‍රිය චිත්‍රපටයක් වන Mulan හි මැන්ඩරින් අනුවාදයේ ප්‍රධාන චරිතයට ද හඬ දුන් අතර, 2001 ඔස්කාර් සම්මාන උළෙලේදී Crouching Tiger, Hidden Dragon හි ඇල්බමයේ ගීතයක් ගයනා කර තිබෙනවා.

පසුගිය ඉරිදා Coco Lee සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බවත් එතැන් සිට ඇය කෝමා තත්ත්වයෙන් පසුවූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. .

Coco Lee වසර කිහිපයක් තිස්සේ මානසික අවපීඩනයෙන් පෙළුණු බවයි ඇයගේ වැඩිමහල් සහෝදරියන් වන කැරොල් සහ නැන්සි Facebook හි සටහන් කර ඇත්තේ.

ඇයගේ රංගනයන් අතර 1999 දී දකුණු කොරියාවේ Michael Jackson & Friends benefit ප්‍රසංගයක් ඇතුළත් වූ අතර ඇය Chinese Idol ඇතුළු රූපවාහිනී කුසලතා සංදර්ශනවල විනිශ්චයකාරියක් ලෙසද කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

Share This