DMF සංසදයට සහභාගී වන ඇමති ශෙහාන්

DMF සංසදයට සහභාගී වන ඇමති ශෙහාන්

14 වැනි ණය කළමනාකරණ පහසුකම (DMF) පාර්ශ්වකරුවන්ගේ සංසදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී වන බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ඒමේ සංසදයේදී තමන් අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ .

මෙම සංසදය සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් වූවක් බව සඳහන්.

ජූනි 19 සහ 20 සැම්බියාවේ ලිවින්ග්ස්ටන් හි මෙම සංසදය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙම සමුළුවේ දී ස්වෛරී ණය කළමනාකරණයේ අනාගතය, ණය විනිවිදභාවයේ මුලපිරීම් ප්‍රවර්ධනය කිරීම, දේශීය වෙළඳපල සංවර්ධනයේ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම සහ හොඳ ණය කළමනාකරණ පිළිවෙත් වෙනුවෙන් පෙනී සිටීම යන කරුණු පිළිබදව සාකච්ජා කිරීමට නියමිතයි.

ණය කළමනාකරණ පහසුකම (DMF) 2008 වසරේ දී ලෝක බැංකුව විසින් දියත් කරන ලද අතර 2014 වසරේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඒකාබද්ධව පරිපාලනය වන බව සඳහන්.

බහු පරිත්‍යාගශීලීන්ගේ භාර අරමුදලක් වන ණය කළමනාකරණ පහසුකම, සංවර්ධනය වෙමින් පවතින රටවල් 86 කට විශේෂඥ ණය කළමනාකරණ උපදෙස් ලබා දීම සඳහා දායක වී තිබෙනවා.

Share This