Doksuri කුණාටුවට මුහුණදීමට පිලිපීනය සූදානමින්

Doksuri කුණාටුවට මුහුණදීමට පිලිපීනය සූදානමින්

පැසිෆික් සාගරය හරහා පිලිපීනය දෙසට හමා යන Doksuri කුණාටුව ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම සතිය අගදී සුළි කුණාටුව චීනයට ළඟා වීමට පෙර එය පිලිපීනයේ උතුරු ප්‍රදේශයට ළඟා විය හැකි බවයි පැවසෙන්නේ .

ඒ අනුව ඉදිරි පැය 24 තුළ පිලිපීනයේ බබුයාන් දූපත් හරහා හෝ ඒ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව එරට කාලගුණ කාර්යාංශය පවසනවා

තද සුළං සමග සැලකිය යුතු වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරෙනවා

විශේෂයෙන් පිලිපීනයේ විශාලතම සහ වඩාත්ම ජනාකීර්ණ දූපත වන බබුයාන් දූපත් සහ උතුරු ලුසොන් හරහා මෙම සුළි කුණාටුව හමා යන බවත් ගංවතුර සහ නායයෑම් බොහෝ දුරට ඇතිවිය හැකි බවත් එරට කාලගුණ කාර්යාංශය අනතුරු අඟවා තිබෙනවා

ප්‍රාදේශීය නිලධාරීන්ගේ ඉවත් කිරීමේ නියෝග සහ වෙනත් උපදෙස් පිළිපදින ලෙස පිලිපීනය ඉතා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන්ද ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This