Elon Muskගෙන් මොළයේ තැන්පත් කළ හැකි චිප් එකක්

Elon Muskගෙන් මොළයේ තැන්පත් කළ හැකි චිප් එකක්

ලෝක ප්‍රසිද්ධ ප්‍රකොටිපතියකු වන Elon Musk ගේ සමාගමක් වන Neuralink සමාගම රැහැන් රහිත චිප් එකක් ප්‍රථම වරට මිනිසෙකුගේ මොළයට සාර්ථකව බද්ධ කර තිබෙනවා.

මේ වන විට රෝගියා හොඳින් සුවය ලබමින් සිටින බවයි Elon Musk පවසන්නේ.

එම සමාගමේ පරමාර්ථය වන්නේ මෙම චිපය මගින් මිනිස් මොළය පරිගණකවලට සම්බන්ධ කිරීම බවයි.

ඒ අනුව එය සංකීර්ණ ස්නායු රෝග තත්ත්වයන් සදහා උපකාර කිරීම සඳහා යොදා ගන්නා බව සඳහන්.

පසුගිය මැයි මාසයේදී අමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලනයතනය විසින් මිනිසුන්ට මෙම චිප් පරීක්ෂා කිරීමට අවසර ලබාදුන්නා.

මෙය වසර හයක අධ්‍යයනයක සාර්ථක ප්‍රතිපලයක් බවයි Elon Musk පවසන්නේ.

එමෙන්ම මෙම උපාංගය අංශභාගය, අත් පා අහිමි වූ පුද්ගලයින් වෙනුවෙන් විශේෂයෙන් ඉදිරියේදී නිෂ්පාදනය කරන බවත් එම සමාගම වැඩිදුරටත් පවසනවා.

ඒ අනුව රැහැන් රහිත ‘චිප්’ එකක් මිනිස් මොළයට සාර්ථකව සවි කිරීමට එම සමාගම සමත්ව ඇත්තේ එහි නවතම පියවර ලෙස බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This