F -35 ප්‍රහාරක ජෙට් යානයේ සුන්බුන් සොයා ගැනේ

F -35 ප්‍රහාරක ජෙට් යානයේ සුන්බුන් සොයා ගැනේ

F -35 ප්‍රහාරක ජෙට් යානයේ සුන්බුන් මේ වනවිට සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉරිදා (17) පස්වරුවේ එය අතුරුදන් වූයේ දකුණු කැරොලිනා ප්‍රාන්තයට ඉහළින් පියාසර කරමින් සිටියදී බවයි පැවසෙන්නේ

ගුවන් නියමුවා නිරුපද්‍රිතව යානයෙන් පිටතට පැරෂුට් එකක ආධාරයෙන් පැමිණ ඇති අතර රෝහලේ ස්ථාවර තත්ත්වයේ පසුවන බවද විදෙස් මාධ්‍ය මීට පෙර සඳහන් කළා

අතුරුදන් වූ F -35 ප්‍රහාරක ජෙට් යානයේ සුන්බුන් ග්‍රාමීය විලියම්ස්බර්ග් ප්‍රාන්තයෙන් සොයා ගත් බවයි බලධාරීහු පවසන්නේ

ජෙට් යානය සොයා ගැනීමට සහය වන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා තිබුණා.

සොයාගත් සුන්බුන් අතුරුදන් වූ යානයේ සුන්බුන් බවට තහවුරු වී ඇතැයිද එරට හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.

අනතුර පිළිබඳව දැනට විමර්ශනය වෙමින් පවතින බැවින් විමර්ශන ක්‍රියාවලියේ අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා අමතර තොරතුරු සැපයීමට නොහැකි බවද එම හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටිනවා.

Share This