Facebook භාවිතය අවහිර කිරීමට රුසියාව පියවර ගනී

Facebook භාවිතය අවහිර කිරීමට රුසියාව පියවර ගනී

රුසියානු බලධාරීන් විසින් සිය රට තුළ ෆේස්බුක් සමාජජාල මාධ්‍ය භාවිතය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මේ සම්බන්ධයෙන් රුසියානු බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම හේතුවෙන් මෙම අවහිර කිරීම සිදුකරන බවටයි.

යුක්‍රේනයේ යුද ගැටුම් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම මෙලෙස ෆේස්බුක් සමාජජාල මාධ්‍ය අවහිර කිරීමට ප්‍රධානතම හේතුව වූ බවයි රුසියානු සන්නිවේදන නියාමකවරයා සඳහන් කළේ.

මේ අතර යුක්‍රේනයේ යුද ගැටුම් හේතුවෙන් මේ වන විට යුක්‍රේන ජාතිකයින් ලක්ෂයකට අධික පිරිසක් අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This