FB එකෙන් හොර සිගරැට් ව්කුණූවාට රු 150 000ක දඩයක්

FB එකෙන් හොර සිගරැට් ව්කුණූවාට රු 150 000ක දඩයක්

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමාජ මාධ්‍ය (ෆේස්බුක්) භාවිතා කරමින් අලෙවිකළ පුද්ගලයෙක් මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝදර පොලිස් වසමේ පදිංචි පුද්ගලයකු විසින් මෙම නීති විරෝධී විදේශීය දුම්වැටි සමාජ මාධ්‍ය (ෆේස්බුක්) භාවිතා කරමින් ඔන් ලයින් ක්‍රමයට අලෙවි කරන බවට කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණ තොරතුරකට අනුව මෙම පුද්ගලයාව මෝදර පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී මාලිගාකන්ද මහෙස්ත්‍රාත් විසින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක දඩ මුදලක් විදේශීය දුම්වැටි සමාජ මාධ්‍ය (ෆේස්බුක්) භාවිතා කරමින් අලෙවිකළ එම පුද්ගලයාට නියමකළා.

මෙම පුද්ගලයා ඉකුත්දා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව රුපියල් හයලක්ෂ හතළිස්දහසක් පමණ වටිනා විදේශීය දුම්වැටි 4000ක්ද පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

Share This