උණුසුම් වූ පාර්ලිමේන්තුවෙන් ඇසුණු ෆොන්සේකාගේ හඬ (Video)
විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තු සභාව අද (08) උදෑසන මිනිත්තු 05කට කල් තබනු ලැබුවා.
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණයට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ කළු පටි පැළඳ විරෝධතාවක නිරත වූ අතර ඒ සමඟ උණුසුම්කාරී තත්වයක් ඇති වුනා.
ඉන් අනතුරුව සරත් ෆොන්සේකා, හර්ෂ ද සිල්වාගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ චමල් රාජපක්ෂ මහතා තමන් සමග ගහගැනීමට කතා කළ බවයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් liveat8.lk කළ විමසීමකදී ඔහු සඳහන් කළේ 45 වසරක දේශපාලන අත්දැකීම් ඇති චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුල කෝලහාල ඇති කර ගැනීම සඳහා කිසිවිටකත් කටයුතු නොකරන බවයි.
සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා දැඩිලෙස අපහාස කරද්දී අමාත්‍යවරයා එළියට එන ලෙස සඳහන් කර ඇත්තේ ගැටුම් ඇති කරගැනීමට නොව කරුණු පැහැදිලි කිරීමට බවයි මාධ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබු වීඩියෝව පහතින්,