ඉතිහාසයේ පළමුවරට පාර්ලිමේන්තුවේ සියලු දොරගුළු හැරදමා මැතිසබය රැස්වෙයි
පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට සභා ගර්භයට මන්ත්‍රීවරුන් ඇතුළු වන සියලූ දොරටු විවෘතව තබමින් පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට ඊයේ (04)දා කටයුතු යොදනු ලැබූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා
කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ මහලේකම් ධම්මික දසනායක මහත්වරුන්ගේ අවසරය ඇතිව සභා ගර්භයේ ආරක්ෂාවට අභියෝගයක් නොවන පරිදි හැකිතාක් වාතාශ්‍රය ගමන් කළ හැකිවන පරිදි මන්ත්‍රී ආලින්දයේ දෙපස පැති දොරද විවෘතව තැබූ බවයි ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබෙන්නේ
කොවිඞ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පාර්ලිමේන්තුව වඩාත් සෞඛ්‍යාරක්ෂිතව තැබීම සඳහා පියවර රැසක් ගෙන තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා