G 20 සමුළුවට සම්බන්ධ සම්මන්ත්‍රණ ඉන්දියාවේ නගර 56 ක

G 20 සමුළුවට සම්බන්ධ සම්මන්ත්‍රණ ඉන්දියාවේ නගර 56 ක

G 20 සමුළුවට සම්බන්ධ සම්මන්ත්‍රණ ඉන්දියාවේ නගර 56 ක පමණ පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

සමුළුව පැවැත්වෙන කාලසීමාව තුළ සංචාරක ව්‍යාපාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවයි එරට සංචාරක අමාත්‍ය ජී කිෂාන් රෙඩ්ඩිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

රට තුළ ඇති සංස්කෘතික හා පෞරාණික වටිනාකමකින් යුත් ස්ථාන සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

G 20 සමුළුවට අදාළ සම්මන්ත්‍රණ හා රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හමු පැවැත්වෙන කාලසීමාව තුළ සංචාරකයින් ලක්ෂයකගේ පමණ පැමිණීම ඉන්දියාව අපේක්ෂා කරන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

G 20 කණ්ඩායමේ මෙවර සභාපතිත්වය දරණ ඉන්දියාව සංචාරක කර්මාන්තය නගා සිටුවීම හා විදෙස් ආයෝජන ඉහළ නංවා ගැනීම ප්‍රමුඛ අරමුණු කරගෙන තිබෙනවා.

Share This