G20 විදේශ අමාත්‍යවරු හමුවේ දී රුසියා – යුක්‍රේන ආර්ථික අභියෝග ගැන අවධානය?

G20 විදේශ අමාත්‍යවරු හමුවේ දී රුසියා – යුක්‍රේන ආර්ථික අභියෝග ගැන අවධානය?

G20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ දී රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය වී ඇති ආර්ථික අභියෝග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වනු ඇති බව ඉන්දීය විදේශ ලේකම් S. Jaishankar පවසනවා.

එම රැස්වීමට සහභාගී වීම සඳහා G20 රටවල විදේශ අමාත්‍යවරුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණෙමින් සිටින අතර
රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Antony Blinken සහ චීන විදේශ අමාත්‍ය Qin Gang ඇතුළු නියෝජිතයින් 40 දෙනෙකු සහභාගී වනු ඇති.

පසුගියදා බැංගලෝර් හිදී පැවති මූල්‍ය ප්‍රධානීන්ගේ රැස්වීමේ දී රුසියානු – යුක්‍රේන යුද්ධයේ දී රුසියාව හෙළා දැකීම සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් පිළිබඳ සම්මුතියකට එළඹීමට අපොහොසත් වූ නමුත් ඒ වෙනුවට සාරාංශ ලේඛනයක් ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් සමථයකට පත්ව තිබුණා.

කෙසේවෙතත් රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය වී ඇති ආර්ථික අභියෝග සඳහා ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් G20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ දී අවධානය යොමුවනු ඇති බවට අපේක්ෂා කරන බව ඉන්දීය විදේශ ලේකම් S. Jaishankar විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

Share This