G20 සමුළුවට පැමිණෙන නායකයින්

G20 සමුළුවට පැමිණෙන නායකයින්

සැප්තැම්බර් 9 වනදා ආරම්භ වීමට නියමිත ප්‍රධාන ආර්ථිකයන්හි නායකයින් නවදිල්ලියේ රැස්වීමට නියමිත අතර එහිදී යුක්‍රේනයේ පවතින යුද්ධය සම්බන්ධයෙන් මෙන්ම ලෝකයේ සමහර ගැටළුවලට විසඳුම් සෙවීමට උත්සාහ කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ වසරේ ඉන්දියාවේ පැවැත්වෙන මෙම සමුළුව වෙනුවෙන්, එරට අගනුවර වටා ආරක්ෂාව දැඩි කර ඇති අතර ඩ්‍රෝන යානා යොදවා ඇති බවද සඳහන්

නවදිල්ලියේ පැවැත්වෙන G20 සමුළුවට සහභාගී වන එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නවදිල්ලියට පැමිණිමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා .

එමෙන්ම සිකුරාදා(08) අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර සමුළුවේදී පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය සහ දේශගුණික විපර්යාස පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරෙනවා

G20 සමුළුවට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස Rishi Sunak ඉන්දියාවට යන ඔහුගේ පළමු නිල සංචාරය මෙයයි

චීන ජනාධිපති Xi Jinping සහභාගී නොවන බව දැනුම් දී ඇති අතර ඒ වෙනුවට අගමැති Li Qiang චීනයේ නියෝජිත පිරිසට නායකත්වය දෙනු ඇති

චීන ජනාධිපතිවරයෙකුට G20 නායකයින්ගේ සමුළුවක් මග හැරුණු පළමු අවස්ථාව මෙය වනු ඇති බවද සඳහන්

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සෙනසුරාදා සහ ඉරිදා G20 සමුළුව සඳහා නවදිල්ලියට පැමිණීමට පෙර ASEAN සමුළුවට සහභාගී වීමට ඉන්දුනීසියාවට යාමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය පවසනවා

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ගේ ඉන්දීය සංචාරය රටවල් තුනක සංචාරයක කොටසක් වන අතර ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ ද සංචාරය කිරීමට නියමිත බව පැවසෙනවා

Share This