G20 සමුළුවට පැමිණි කැනඩාවේ අගමැති තවමත් ඉන්දියාවේ

G20 සමුළුවට පැමිණි කැනඩාවේ අගමැති තවමත් ඉන්දියාවේ

කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ ඉන්දියාවේ G20 සමුළුවට සහභාගී වීමෙන් පසු තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ ඔහු ඉන්දියාවට පැමිණි ගුවන් යානයේ දෝෂයක් ඇතිවූ නිසාවෙනුයි

ජස්ටින් ටෘඩෝ අමතර ගුවන් යානයකින් පිටත්ව යනු ඇති බවත් එසේ නැතහොත් මුල් ගුවන් යානය අලුත්වැඩියා කරන තෙක් බලා සිටිනු ඇති බවත් ඉන්දීය රජයේ නිලධාරියෙක් සඳහන් කරනවා

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සඳහා අමතර ගුවන් යානයක් සහ මුල් ගුවන් යානය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය කොටස් ඉන්දියාව බලා රැගෙන යමින් සිටින බවත් විදෙස් මාධ්‍ය පවසනවා

දෙරටේ අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා සමුළුවේදී විධිමත් ද්විපාර්ශ්වික හමුවක් නොපැවැත්වූ නමුත්, හමුවූ කෙටි සංවාදයකදී, ටෘඩෝ පැවසුවේ, ඉන්දීය අගමැතිවරයා සමග විදේශ මැදිහත්වීම් සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි.

Share This