G7 රටවල නායකයින් යුක්‍රේනයට ඔවුන්ගේ සහයෝගය දිගටම පවතින බවට අවධාරණය කරයි

G7 රටවල නායකයින් යුක්‍රේනයට ඔවුන්ගේ සහයෝගය දිගටම පවතින බවට අවධාරණය කරයි

මැද පෙරදිග වැඩෙන ආතතීන් මධ්‍යයේ වුවද, G7 රටවල නායකයින් යුක්‍රේනයට ඔවුන්ගේ සහයෝගය දිගින් දිගටම පවතින බව අවධාරණය කර තිබෙනවා .

ජපානයේ පැවති G7 රැස්වීමක දී එම සමුහයේ විදේශ ඇමතිවරු පවසා තිබෙන්නේ රුසියාව දිගු කාලීන යුද්ධයකට සූදානම් වන බවයි

එම රටවල් යුක්‍රේනයට ආර්ථික හා මිලිටරිමය වශයෙන් සහයෝගය ලබා දෙන බවද සඳහන් කරනවා

පසුගිය වසරේ සිදු කළ ආක්‍රමණයේ සිට මොස්කව් වෙත සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ධනවත් රටවල් සමූහය ඉදිරියෙන්ම සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ටෝකියෝවේ දී පැවැත්වූ සමුළුවේදී G7 සාමාජිකයින් වන බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, කැනඩාව සහ එක්සත් ජනපදය මෙන්ම EU නියෝජිතයින් ද කියා සිටියේ ඊශ්‍රායල-ගාසා යුද්ධය යුක්‍රේනයට දක්වන සහයෝගයෙන් අවධානය වෙනතකට යොමු නොකළ යුතු බවයි.

Share This