G7 සමුළුවේදී ලෝක නායකයින් හමුවූ යුක්‍රේන ජනපතිට වැඩි සහයෝගයක්

G7 සමුළුවේදී ලෝක නායකයින් හමුවූ යුක්‍රේන ජනපතිට වැඩි සහයෝගයක්

යුක්‍රේනයේ බක්මුට් නගරය රුසියාව විසින් අල්ලාගෙන නොමැති බව යුක්‍රේන ජනපති Volodymyr Zelensky අවධාරණය කර තිබෙනවා

ඔහු මේ බව කියා සිටියේ G7 සමුළුවට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේදීයි

රුසියාවේ Wagner කණ්ඩායමේ නායක Yevgeny Prigozhin මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ Bakhmut ඔවුන් අත්පත් කර ගත් බවයි

සමුළුවේ අවසන් දිනයේ පැවති මාධ්‍ය හමුවකදී,යුක්‍රේන ජනපති Volodymyr Zelensky නිවැරදි තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කළ බව විදෙස් මාධ්‍ය පවසනවා

කෙසේවෙතත් අගෝස්තු මාසයේ සිට බක්මුට් නගරයේ සටන් ඇවිලී ගිය නමුත් එය රුසියාව විසින් අත්පත් කර නොගත් බව ඔහු එහිදී තහවුරු කර තිබෙනවා

ජපානයේ පැවති G7 නායකයින්ගේ තුන්දින සමුලුවේදී යුක්‍රේන ජනපති ලෝක නායකයින් කිහිප දෙනෙකු හමුවී වැඩි සහයෝගයක් ලබාදීම වෙනුවෙන් ඉල්ලීම් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව එම සමුළුවේදී එක්සත් ජනපදය නිවේදනය කළේ තම යුක්‍රේනයට අමරිකාවේ නිෂ්පාදිත F-16 ඇතුළු නවීන ප්‍රහාරක ජෙට් යානා සැපයීමට ඉඩ දෙන බවයි.

එමෙන්ම යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky G7 සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අතර, රුසියාවේ ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු ඔවුන් දෙදෙනා අතර සිදුවූ පළමු හමුව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

යුද්ධය අවසන් කිරීමට ඉන්දියාව හැකි සෑම දෙයක්ම කරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී යුක්‍රේන ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබෙනවා

 

Share This