G7 නායකයින් මොස්කව් වෙත තවත් සම්බාධක පැනවීමට එකඟ වෙයි

G7 නායකයින් මොස්කව් වෙත තවත් සම්බාධක පැනවීමට එකඟ වෙයි

G7 නායකයින් සමුලුවේ පළමු දිනයේම ප්‍රකාශයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එම ප්‍රකාශයේ යුක්‍රේනයට එරෙහිව රුසියාවේ නීතිවිරෝධී අසාධාරණ සහ ආක්‍රමණශීලී ක්‍රියාවන්ට විරුද්ධත්වය පා එකට නැගී සිටීම පිළිබඳව යළි තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මොස්කව් වෙත තවත් සම්බාධක පැනවීමට නායකයින් එකඟ වූ බවද එහි වැඩිදුරටත් සඳහන් වනවා

යුක්‍රේනයට අවශ්‍ය මූල්‍ය, මානුෂීය, හමුදා සහ රාජ්‍ය තාන්ත්‍රික සහාය ලබා දීමට ඇති කැපවීම පුළුල් කරමින් සිටින බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්

රුසියාවට සහ එහි යුද ප්‍රයත්නයට සහාය දක්වන අයට තවදුරටත් සම්බාධක සහ ක්‍රියාමාර්ග පනවන බවත්,සාමය සඳහා රුසියානු හමුදා සම්පුර්ණයෙන්ම සහ කොන්දේසි විරහිතව ඉවත් කර ගැනීම අවශ්‍ය බවත් එම නිවේදනයේ දැක්වෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Share This