Galle Marvels කණ්ඩායමට ජය

Galle Marvels කණ්ඩායමට ජය

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Jaffna Kings කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් හිමි කර ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 59ක් ලබා ගත් අතර ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඇතුලත්.

පැතුම් නිස්සංක ලකුණු 51ක් සහ නායක චරිත අසලංක ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුණා.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය Galle Marvels කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 179ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.

එහිදී Alex Hales ලකුණු 65ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වුණා.

අසිත ප්‍රනාන්දු සහ Fabian Allen කඩුලු 2 බැගින් දවාගත්තා.

තරගයේ ලකුණු සටහන පහතින්…

Share This