Galle Marvels කණ්ඩායමට ලකුණු 178ක ඉලක්කයක්

Galle Marvels කණ්ඩායමට ලකුණු 178ක ඉලක්කයක්

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමුව පන්දුවට පහරදුන් තෙවරක් කිරුළ දිනූ ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් ලබාගැනීමට සමත්වී තිබෙනවා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 33කදී ලකුණු 52 ක් ලබාගැනීමට සමත්වූ අතර කුසල් මෙන්ඩිස් පන්දු 39 කදී ලකුණු 46ක් සහ Rilee Rossouw පන්දු 22 කදී ලකුණු 40 බැඟින් ලබාගැනීමට සමත්වී තිබෙනවා.

පන්දු යැවීමේදී Dwaine Pretorius ලකුණු 23 ට කඩුලු 4ක් ලබාගැනීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා Galle Marvels කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණු 178ක්.

 

Share This