Galle Marvels කණ්ඩායමට සුපිරි ජයක්

Galle Marvels කණ්ඩායමට සුපිරි ජයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවති 9 වැනි තරගය කඩුලු 06කින් ජය ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වුණා

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Galle Marvels කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට Kandy Falcons කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තා

එහිදී වනිදු හසරංග නොදැවී ලකුණු 65ක් ලබා ගත්තේ හයේ පහර 03ක් සහ හතරේ පහර 7ක් සමගිනුයි

Andre Fletcher පන්දු 36කදී හයේ පහර 02 දෙකක් සහ හතරේ පහර 4ක් සමගින් අර්ධ ශතකයක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 176ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Galle Marvels කණ්ඩායම පන්දුවාර 17 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තා

Tim Seifert නොදැවී ලකුණු 82ක් රැස් කළේ හයේ පහර 02ක් සහ හතරේ පහර 11 සමගිනුයි

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This