Garba නර්තනයේ යෙදී සිටියදී 19 හැවිරිදි තරුණයෙක් හෘදයාබාධයකින් මියයයි

Garba නර්තනයේ යෙදී සිටියදී 19 හැවිරිදි තරුණයෙක් හෘදයාබාධයකින් මියයයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ 19 හැවිරිදි තරුණයෙක් ජන නැටුම් ආකෘතියක් වන ගාර්බා නර්තනයේ යෙදෙමින් සිටියදී හෘදයාබාධයකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Vinit Mehulbhai Kunvariya නැමැති මෙම තරුණයා වහාම අසල පිහිටි රෝහලකට රැගෙන ගිය නමුත් ඒ වනවිටත් මියගොස් සිටි බවටයි රෝහල දැනුම් දී ඇත්තේ.

ගුජරාටයේ Jamnagar’s Patel Park ප්‍රදේශයේදී මෙම මරණය සිදුව තිබෙනවා.

ඔහු එළඹෙන නවරාත්‍රි උත්සවයට සූදානම් වීම සඳහා Patel Park ප්‍රදේශයේ පිහිටි Garba පන්තියක පුහුණුවීම් කරමින් සිටියදී අනපේක්ෂිත ලෙස බිම ඇද වැටි තිබෙනවා.

මියගිය තරුණයාගේ පවුලේ සාමාජිකයන් පවසා තිබුනේ ඔහු කිසිම රෝගාබාධයකින් පීඩා විදි අයෙක් නොවන බවයි.

පසුගිය කාල වකවානුව තුළ තරුණයින් අනපේක්ෂිත ලෙස හෘදයාබාධවලට ගොදුරු වීම ඉහළ ගොස් ඇති අතර එය අවධානය වැඩි වශයෙන් යොමු කළ යුතු කරුණක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.

Share This