‘GovPay’ අදායම රුපියල් බිලියනය පසුකරයි

‘GovPay’ අදායම රුපියල් බිලියනය පසුකරයි

මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන ‘GovPay’ හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර ඇතැයි වාර්තා වනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් කළේ ඊයේ (03) දිනය වන විට මෙම සන්ධිස්ථානය පසුකිරීමට හැකිවී ඇති අතර මේ වන විට රාජ්‍ය ආයතන 200 ක් මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා එක්ව ඇති බවයි.

රාජ්‍ය සේවාවන්වල ආරක්ෂිත සහ මාර්ගගත ගෙවීම් කටයුතු සඳහා ‘GovPay’ඩිජිටල් ගෙවීම් පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය සහ ලංකා පේ එක්ව හඳුන්වා දී තිබෙනවා.

Share This