Gregorian Bivolaru සහ අනුගාමිකයන් ප්‍රංශයේදී අත්අඩංගුවට

Gregorian Bivolaru සහ අනුගාමිකයන් ප්‍රංශයේදී අත්අඩංගුවට

Gregorian Bivolaru නමැති පලා ගොස් සිටි යෝග නිකායක නායකයෙකු සහ ඔහුගේ අනුගාමිකයින් 40 දෙනෙකු ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

වාර්තා වන පරිදි 175ක පමණ නිලධාරීන් පිරිසක් විසින් වැටලීම සිදු කර ඇති අතර, මෙම කණ්ඩායම් සතුව විවිධ ආයුධ තිබෙන බවට ලද තොරතුරු මත වැටලීම් සිදු කර ඇති බවයි පැවසෙන්නේ

AFP ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, කාන්තාවන් 26 දෙනෙකු ඔවුන් විසින් රඳවාගෙන සිටින බව ද පොලිසිය සොයාගෙන තිබෙනවා .

අපයෝජනය, ස්ත්‍රී දූෂණ, මිනිස් ජාවාරම් සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් ප්‍රංශ නඩු පවරන්නන් ජූලි මාසයේදී මෙම කණ්ඩායම විමර්ශනය කිරීමට පටන් ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .

71 හැවිරිදි රුමේනියානු නායකයා අනෙකුත් නිකායික නායකයින් සමග පැරිස් උපනගරයේ Ivry-sur-Seine හි පිහිටි නිවසකදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්

Bivolaru 2013 දී බාල වයස්කරුවෙකුව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් රුමේනියාවේදී වරදකරු වූ අතර වසර තුනකට පසුව ඔහු ප්‍රංශයෙන් පිටුවහල් කර තිබෙනවා .

ඔහු කොන්දේසි සහිතව නිදහස් කරන විට 2017 වසරේ දී රුමේනියාවෙන් පලා ගොස් ඇති අතර මිනිස් ජාවාරම සම්බන්ධයෙන් සැකපිට ඔහු ෆින්ලන්තයටද අවශ්‍යව සිටි අයෙක් බවයි පැවසෙන්නේ

Share This