HMPV වෛරසයට බිය වන්න එපා
චීනයේ මේ දිනවල පැතිර යන හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසයට අනියත බියක් ඇති කර ගත යුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා
ඒ අනුව චීනයේ ශීත ඍතුවේ දී ශ්වසන ආසාදන බහුලව දක්නට ලැබෙන අතර එය සාමාන්‍ය තත්ත්වයක් බවයි සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පැවසුවේ
මෙය ළමුන්, වැඩිහිටියන් සහ දුර්වල ප්‍රතිශක්තිය ඇති අයට බරපතළ විය හැකි බවද ඔහු කියා සිටියා
මෙහි රෝග ලක්ෂණ ලෙස කැස්ස, දියර හෝ නාසය හිරවීම, උණ සහ උගුරේ අපහසුතා දැකිය දකිය හැකි අතර දරුණු අවස්ථාවල දී හුස්ම හිරවීම හෝ හුස්ම හිරවීම සහ නියුමෝනියාව දක්වා වර්ධනය විය හැකි බවද මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙනවා
මේ අතර චීනයේ ජියංශී විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සහය මහාචාර්ය දසුනි ජයරත්න මහත්මිය පැවසුවේ ඍතු මාරුවත් සමඟ ඇතිවන මෙම ශ්වසන රෝගී තත්ත්වයක් බවයි
කෙසේ වෙතත් ඇතැම් රටවල් චීනය මෙම වෛරසය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු සඟවන බවටයි චෝදනා එල්ල කරන්නේ