Hooker’s Lips වඳවී යාමේ අවදානමක්

Hooker’s Lips වඳවී යාමේ අවදානමක්

Hot Lips Plant හෝ Hooker’s Lips Plant ලෙස හඳුන්වන Psychotria elata ශාඛය නිවර්තන කලාපයේ වෘක්ෂලතාදිය තුළ කැපී පෙනෙන උද්භිද විද්‍යාත්මක ආශ්චර්යයක් ලෙස නම් කර ඇති ශාඛයක් වනවා.

මෙම ශාඛය කොස්ටාරිකාව, ඉක්වදෝරය සහ විවිධ මධ්‍යම සහ දකුණු අමෙරිකානු රටවල පිහිටා ඇති වැසි වනාන්තරවලට නිජබිම වන බවයි සඳහන් වන්නේ.

Hooker’s Lips Plant හි විශේෂත්වය වන්නේ එහි ඇති රතු පැහැති පත්‍ර වන අතර ඒවා bracts ලෙස හඳුන්වනවා.

මෙහි ඇති පත්‍ර මිනිස් තොල් වලට සමාන දිලිසෙන, රතු පැහැති තොල් දෙකක් මෙන් දිස්වෙන බවයි සඳහන් වන්නේ.

තොල් සඟලක් ලෙස දිස්වන මෙම කොටසේ ඇති ආකර්ෂණීය බව නිසාම hummingbirds සහ සමනලුන් වැනි පරාග වාහකයන් මෙම ශාඛය ආසන්නයේ දක්නට ලැබෙනවා.

මධ්‍යම අමෙරිකාවේ මිනිසුන් තම පවුලේ අයට සහ මිතුරන්ට ඔවුන්ගේ ආදරය පෙන්වීමට, විශේෂයෙන් වැලන්ටයින් දිනයේ දී මෙම ශාඛය තෑගි කරන බව සඳහන්.

එමෙන්ම මෙම ශාඛයෙහි පොත්ත සහ කොළ අමෙරිකානුවන් විසින් සමේ රෝග කිහිපයකට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරනවා.

මෙවන් වූ විශේෂතා ඇති Hooker’s Lips ශාඛය අවාසනාවකට මෙන් ක්‍රමයෙන් වඳවීයාමට හේතු වී ඇත්තේ වනාන්තර විනාශය සහ දේශගුණික විපර්යාසයන් නිසා බව සඳහන් වනවා.

එම නිසා මෙම දුර්ලභ ශාඛ විශේෂයේ පැවැත්ම සහතික කිරීම සඳහා Hooker’s Lips ශාඛයට විශේෂ සැලකිල්ලක් සහ ආරක්ෂාවක් ලබා දීම ඉතා වැදගත් වන බවයි පරිසරවේදීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This