ICC මාසයේ ක්‍රීඩකයාට කමිඳු නිර්දේශ වෙයි

ICC මාසයේ ක්‍රීඩකයාට කමිඳු නිර්දේශ වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව පිරිනමන ICC මාසයේ ක්‍රීඩක සම්මානයට අදාළව මාර්තු මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වී තිබෙනවා.

ඊයේ(03) නිමාවූ බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලියේදී මෙන්ම ටෙස්ට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා අනුව මෙසේ මාර්තු මස ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී ඇත්තේ.

එමෙන්ම කමිඳුට අමතරව අයර්ර්ලන්තයේ මාක් අඩීර් සහ නවසීලන්තයේ මැට් හෙන්රිගේ නමද නිර්දේශ වී ඇති බවයි සඳහන් වන්නේ.

Share This